Monday, December 23, 2013

යථාර්තය - මට වැටහෙන පරිදි

!!අවවාදයයි!!

විචාරාත්මක බුද්ධිය නැතිනම් කියවීමෙන් වලකින්න.







  1. ඉපදීම- ඇයි? අපි ඉපදෙන්නේ ජීවත් වී මැරී යාමට ද? නැතිනම් වර්ගයා බෝ කිරීමටද?
  2. ලෝකය- මෙය ඇත්තක් ද? ශක්තීන් වලින් නිමැවුණු මෙය මුලාවක් නොවේද?
  3. Matrix- සත්‍යය එයද?




1) ඉපදීම

සෑම දෙයකටම හේතුවක් ඇත. 
කවුරු කෙලෙස කීවද මා පිළිගන්නේ මෙය හේතු ධහම මත ගොඩනැගුනු ලෝකයක් ලෙසය. (අහේතුක වාදය පිලිබඳ තර්ක කරන්නවුන් මෙලොවට ජාත වී ඇත්තේ අහේතුකව විය යුතුය!). එසේ නම් මෙලොව ඉපදීමට කිසියම් වූ හේතුවක් තිබිය යුතුය. ප්ලේන්ටියක් ගහන ගමන් මේ පිළිබඳව විචක්ෂණ බුද්ධියෙන් බැලූ මට ඔලුව කැරකෙන්නට විය. 

අදහස් ද විමසුවෙමි, කිහිප දෙනෙකුගෙන්. සම'හරක්' කියාපී, පින් රැස් කොරන්ටලු!! තවෙකෙක්, රටට වැඩක් කොරන්ටලු.(please note:ලු ප්‍රත්‍යය භාවිතා වන බව ). නමුත් මගේ අදහස නම් මෙහි මීට වඩා හරයක් තිබිය යුතු බවයි.



2)ලෝකය
අපි කවුරුත් ජීවත් වන මෙම ලෝකය 
ශක්තීන්ගේ එකතුවකි යයි මා කීවොත් 'උගතුන්ගේ' පිළිගැනීමට පාත්‍ර වනු නියතය.
 මාගේ සමකාලීනයෙකු වන අයින්ස්ටයින් මහතාගේ 
'ඊ'='එම්''සී[වර්ගය]'
සුත්‍රයට ද එකඟ වන එම ප්‍රකාශය තුල බොහෝ දේ අඩංගු වී ඇත.

සියලු දේ ශක්තීන්ය, එනම් කම්පනය. ඔබේ දෛනිකව භාවිතා වන දකුණු අතේ සිට මෙය කියවන තිරය දක්වා ඇත්තේ කම්පනය. එනම් අපට සoඛයාත තිබේ. වැදගත්ම දේ නම් අපගේ සිතිවිලි වලට ද සoඛයාත තිබීමයි. (එහි වැදගත්කම නොතේරේ නම් මෙය කියවීම අපරාදයකි!). මනසින් ලෝකයට බලපෑම් කිරීමට හැකි වන්නේ ඒ නිසා විය යුතුය.

එය එසේ නම් මෙය මුලාවක් ද යන්න තීරණය කිරීම ඔබට භාරය.



3)Matrix
නොබැලු කෙනෙකු සෙවීම උගහට ෆිල්ම් එකකි, The Matrix. විද්‍යා ප්‍රබන්ධයක් වුවත් එහි ගත යුතු දේවල් කිහිපයක් ඇති බව ඩිරෙක්ට එහි 4 වන කොටස රංග පෑමට මා හට ආරාධනා කල අවස්ථාවේ වැටහුණි.
පලවෙනි කාරණය නම් ට්‍රිනිටි ගේ බොඩි එකය  ලෝකය යනු මනසින් පෙන්වන දෙය බවයි.
මගේ වචන වලට වඩා එහි ඇති දේ එලෙසම පල කිරීම අගනේය.



What is real? How do you define 'real'? If you're talking about what you can feel, what you can smell, what you can taste and see, then 'real' is simply electrical signals interpreted by your brain.


Spoon boy: Do not try and bend the spoon. That's impossible. Instead... only try to realize the truth.
Neo: What truth?
Spoon boy: There is no spoon.
Neo: There is no spoon?
Spoon boy: Then you'll see, that it is not the spoon that bends, it is only yourself. 

චිත්‍රපටයකින් ගත්තක් නිසා සාධක ගණයට අයිති නොවන බව සැබෑය. නමුත් මෙම වාක්‍ය හිස් නොවන බව මගේ විශ්වාසයයි.




සාධක:


10 comments:

  1. ඈ.. යකෝ.. ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ එක කියෙවුවම... මේකේ සින්හල පරිවර්ථනයක් එවහන්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔලුවෙන් පොල්ලට ගහල හරි සහෝදරයා, මේක තේරුම් ගත්තොත් වෙඉද අහිතක්?
      :D

      Delete
  2. මට ඒ බුද්ධිය නැද්ද කොහෙද

    පුලුවන් නමි මෙ අැදුම වෙනස් කරන්න කියවන්න අමාරැයි

    ReplyDelete
    Replies
    1. ඕන් ටෙම්පලට්ටුව නම් වෙනස් කොරා.
      හොඳාද මන්දා?

      Delete
  3. වැඩිය තේරුනේ නෑ...
    ලාවට තේරුනු ටික කියන්නම්.
    A4 කොල 10කින් ලියලා ඉවර කරන්න බැරි මේට්‍රික්ස් ස්ටෝරිය තනිඡේදෙන් කොහොම විස්තර කරන්නද බන්

    ReplyDelete
    Replies
    1. කථාව හරි මල්ලි /අයියා

      Delete
    2. මං මේ උබලට හින්ද කියන්නේ..
      මටත් ඒ හැටි තේරුමක් න බොලව්!!
      හිකිස්..

      Delete
  4. 10 පාරක් විතර කියෙව්වෙමි ,
    මෙලෝදෙයක් තේරුනේ නැත...
    කියවීම අතහැර දැමුවෙමි.....

    ReplyDelete
    Replies
    1. මාගේ වියෙන් තුන්කාලක් වත් නොමැති මේ කොලුවාට කෙසේ මා මෙය අවබෝධ කරම් ද?

      Delete
  5. මට නම් තෙරුණා එකෙන්ම :D :v :v :v

    ReplyDelete