Thursday, June 4, 2020

Life after 7 years

Working for corporates, tackling with other people's problems daily. After all these years, I wonder what I have produced. What I have achieved, can't think of anything worth. Earning money, absolutely not.

Money gives us the power to act upon individuals who need it. Even though how helpless we are at certain points in life, we get chances to act a god in someone else's life, at least once.
My annual salary, not long ago.. today I make that in a month. Should I do the "god act" now? 

In this short time, I've seen best friends becoming foes, foes becoming friends, liars getting praised, heroes forced into silence.. nothing is fair. But if it is, that won't be life. The blue pill of Matrix, in my definition, is to find truth of the external world. And the red pill is for the internal self. 
Trying to understand the external world is similar to the 4 blind men guessing the shape of an elephant. Ending is useless, even though results are correct.

I still keep onto my theory, which is "everything is a lie".

7 Reasons Why Nothing Is Real And Your Life Is A Lie

Thursday, May 7, 2015

බිට් සෙට් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

අඩෝ අපිත් යමු විල්පත්තු
ඉවර වුනාම ඇසයින්මන්ට්
ප්‍රොජෙක්ට් , රිපෝට්, සොෆ්ට්වෙයාර්

අමතක කරලා පේපර්
හාඩ්වෙයාර් - ෆයර්වෝල්

එකට බැරි නම් දෙකට
හෝ තුන හතරට
විඳිමු දවසක් පරිසරය
ජිජිටල් ජීවිතෙන් ඔබ්බට 

Tuesday, May 5, 2015

ජාතිවාදය නොව ජාතිය රැකගැනීමකි

ජාති වශයෙන් බෙදීම අනවශ්‍ය බව දනිමි, නමුත් ජාතිය හා බැඳුනු දැනුම අභාවයට යාම වැලක්වීමට ජාතිය රක ගැනීම කල යුතුමය.

විද්‍යාවේ ඉහලම තලයක සිටින කාලය තුලත් ආගමක් අදහන මිනිසුන් සිටින ලෝකයක මධ්‍යයේ ඇති සිංහලය විවිධ අංශයන්හි දස්කම්වලට හිමිකම් කියන අභිමානවත් රටකි. සිංහලය තුල සිහල ජාතිය රැක ගැනීමට පොරකෑ යුතු තැනටම කටයුතු සිදුවී ඇත. මෙය විවිධ පුද්ගලයන්ගේ අර්ථකථනයට ලක්වී ඇත්තේ විවිධ ආකාරයටය. ඊට ප්‍රධානම හේතුව නම් තමන්ගේ ගොඩ යෑම ගැන පමණක් සිතන "අමුතු" ජීවීන් ය (මොවුන් ඉතා සුලබ ය).

සිංහල ජාතිය ට හිමිකම් කීමට ඇති එකම රට තුල එම ජාතිය රැක ගැනීමට කටයුතු කිරීම ගැරහීමට නොව පැසසීමට ලක් කර යුතු ක්‍රියාවක් මෙන්ම මීට සිංහල පමණක් නොව අන් සියලු ජාතීන් ද සහය දැක්විය යුතුය. මක් නිසාද යත් ඉමහත් පුරාණ මෙන්ම වැදගත්, ශ්‍රේෂ්ඨ ජාතියක් රැකගැනීම සියලුම මිනිස් වර්ගයාගේ යුතුකමක් නිසාය. විවිධ පුද්ගලයන් විසින් මෙය තම වාසියට උපයෝගී කරගනිමින් ඉන්නා අතර දේශපාලුවන් ප්‍රධාන ය. එවන් හේතූන් නිසා මෙහි මූලික ඉලක්කය අමතක කල මිනිසුන් ආගමික හා ජාතික පිල් වලට බෙදී ගැටෙමින් සිටී.

මගේ  අදහස නම් අප කල යුත්තේ සියලුම දෙන එක්ව සිංහල ජාතිය විනාශ මුඛයෙන් ගලවා ගැනීම මිස ආගමික අන්තවාදීන්ගේ බළල් අත් නොවීම බවයි.



සැ . යු.:

  • තම ජාතිය නොදන්නා මිනිසුන් ද ජීවත් වේ.

Sunday, March 22, 2015

හිනා වෙයන්

හිනා වෙයන්, මැරෙනකන්

බලපන් හැරිලා, උබේ අතීතය

හිනාවෙයන් උබ කරපු දේවල් වලට
ඒවා ඉවරයි
හිනා වෙයන් උබ නොකරපු දේවල් වලට
තව කල් තියෙනවා

රටට වෙන විනාසය බලපන්
හිටපන්, කවුරු හරි එනකන් ඉස්සරහට
ඇහුවොත් කියපන්, ඒ අම්මා නෙවේ කියල
හිනා වෙයන්, උන්ගේ බයිලා බලල

හිනා වෙයන්
උබට එහා පැත්තේ කෙල්ලට ජැක් ගහන එකාට
උබේ නංගි නෙවේනේ ඒ
හිනාවෙයන් උබේ අම්මත් ගෑනියෙක් කියලා

පිරිමියෙක් වෙලා, සිංහලයෙක් වෙලා
කතා කරන්න බැරි නම් කෑගහල
කොන්ද ගෙවිල නම්,
කියපන් පොඩි එකෙක්ට කතා කරලා
ඌ කෑ ගහයි
අම්මට වඳින ගාථාව වෙනස් කරද්දී

ඒවා දැකල හිනා වෙයන්, උබ සිංහල නෙවේ කියල
හිනා වෙලා නැවියන්, සුද්දට පශ්චාත් බාගය දික්කර

Tuesday, December 24, 2013

ඕපන් සෝස් වලට කඩේ යමු

උපන් දා සිට බිල් අයියා නොමිලේ ලබා දෙන ඕ.එස්. එක භාවිතා කල
 අපි උඹලට මේ වචනය ටිකක් බර වුවද, 
කැන්ටිමේදී මේ පිලිබඳ විමසු විට විවෘත සෝස් බෝතල් දිගු වුවද,
ඕපන් සෝස් ඔපරේටින් සිස්ටම් යනු බොහොමයකට අරුමයක් නොවේ.

Monday, December 23, 2013

යථාර්තය - මට වැටහෙන පරිදි

!!අවවාදයයි!!

විචාරාත්මක බුද්ධිය නැතිනම් කියවීමෙන් වලකින්න.







  1. ඉපදීම- ඇයි? අපි ඉපදෙන්නේ ජීවත් වී මැරී යාමට ද? නැතිනම් වර්ගයා බෝ කිරීමටද?
  2. ලෝකය- මෙය ඇත්තක් ද? ශක්තීන් වලින් නිමැවුණු මෙය මුලාවක් නොවේද?
  3. Matrix- සත්‍යය එයද?

ගනිමි ඇරඹුම මෙලෙස අද මම

        වයසින් මුහුකුරා ගොස් සැට පැන හොස්ස බිම ඇනුනද, කිරීමට යමක් 'නැතුව' නොව 'අවැසිව' අද සිට පබ්ලිස් කොරන්නා වූ මේ බ්ලොගය අපූර්ව දේ වලින් සංතෘප්ත කිරීම මාගේ පර-මාර්ථයයි.