Tuesday, December 24, 2013

ඕපන් සෝස් වලට කඩේ යමු

උපන් දා සිට බිල් අයියා නොමිලේ ලබා දෙන ඕ.එස්. එක භාවිතා කල
 අපි උඹලට මේ වචනය ටිකක් බර වුවද, 
කැන්ටිමේදී මේ පිලිබඳ විමසු විට විවෘත සෝස් බෝතල් දිගු වුවද,
ඕපන් සෝස් ඔපරේටින් සිස්ටම් යනු බොහොමයකට අරුමයක් නොවේ.



සැ.යු.:  ෆ්‍රී හා ඕපන් සෝස් යනු අර්ථ දෙකකි


ආරම්භය ගැන නම් විකියෙන් බලාගත්තැකි නෙවැ ඔහෙලට. 
මම කියන්නම් වෙන කරුණු ටිකක්.

කස්ටිය ඕ.එස්. එකක් දාන්නනේ හොයන්නේ බොහෝ විට.
පාට පාට එක එක ජාතියේ ඕ.එස්. ගොඩයි.
ඉස්සර නම් මැරුවත් උබුන්ටු. දැන් ඒක ෆ්‍රී එවන්නේ නැනේ.
මම නම් කාලයක්ම කඩේ ගියේ ෆෙඩෝරා වලට. හන්තාන ලිනක්ස් හැදුනෙත් ඒකෙන්නේ.



ඕක ඉන්ස්ටෝල් කරන විදිහ සයිට් එකේ තියෙනවනේ. එහෙනම් එක හරි.


වින්ඩෝස් වල ලූනා(එක්ස් පී), එයරො(සෙවන්, එයිට්) වගේ ඩෙස්ක්ටොප් එන්ව්‍වයර්මන්ට් දෙකක් වුනාට
ලිනක්ස් වල එව්වා තියෙනවා මදි නොකියන්න.
KDE,GNOME, Xfce, LXDE ආ අලුත්ම එක Enlightenment
ඕවත් ඕනේ නම් එකකට වඩා ඉන්ස්ටෝල් කරගත හැකියි.(අවැසි වුනොත් අහන්න..)

(ලිනක්ස් ඔයිට වඩා බරට කරන්න ඕනේ නම් linuxfromscratch භාවිතා කල හැකියි.)

දැන් මොකෝ කරන්නේ?

නිකමට වගේ කියන්නේ, ෆෙඩෝරා බේස්ඩ් ඒවායේ apt-get නෑ. තියෙන්නේ yum පැකේජ් මැනේජර් එක.

මේවා ඉතින් මටත් වඩා හොඳින් කියාපු ඇත්තෝ සිටිත්දී මම මොකටයි තව මැරෙන්නේ? පහලින් දානවා ලින්කුව. අප්ඩේට් කිරිලි,  කන්ෆිගර් කිරිලි,  වී.එල්.සී., ගේම් ඔක්කොම කියල දුන්න සයිට් එකක් හම්බුනා.
http://www.unixmen.com/top-things-installing-ubuntu-13-10/



සිකුරිටි එක ගැන කතා කරනකොට ලිනක්ස් එලියට එනවමයි.
 ඒ ඉතින් කෝඩින් වලට තියෙන පහසුව හින්ද කියලයි මයේ හිතේ.

ඒ වගේද පෙනට්‍රේට් ටෙස්ටින් ඕ.එස්.??

yolinux වලට ගියොත් ටූල්ස් නම් තියෙනවා ඕනේ තරම් ඔඩිටින් වලට. 

කොහොම වුනත් මේවා ගැන ඉතින් කොල්ලෙක් මීට වඩා හොඳට කියල තියෙනවා අසල්වාසී බ්ලොගයක.
නම පොඩ්ඩක් මොකද්ද වගේ වුනාට පෝස්ට් නම් හොඳා.
නොහික්මුණු-ඇස



ඔන්න මම සබ්ජෙට් එක කවර් කරා.. මේවා ඉතින් මෙහෙම කියවල තේරෙනවනම් බැරියැ.. ඕනේ වුනොත් සප් එකක් ඉල්ලන්න. මම නම් වැඩ්ඩෙක් නෙවේ මහලොකු. ඒ වුනාට ඕනේ වුනොත් අහපල්ලා.




නිකන් ඉන්න ගමන් හිතලා තීරණයක් ගමු.
නොමිලේ දෙන එකද, නිදහසත් එක්ක නොමිලේ දෙන එකද වැඩිය හොඳ?




අමතර විස්තර:
ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් පිලිබඳ
ලිනක්ස්-ෆ්‍රොම්-ස්ක්රැච් භාවිතය

1 comment:

  1. බොහොම ස්තුතියි.. ඔබට ද එසේම වේවා...

    ReplyDelete